Kitchen
රේන්බෝ සැන්ඩ්විචස්
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පෙති 10 පමණ
බිත්තර 06
සුදු ගම්මිරිස් තේ හැඳි 01
ලුණු ස්වල්පයක්
කහ රතු කොළ ආහාර වර්ණක
සාදන ක්‍රමය
බිත්තර
දෙක බැගින් වෙන වෙනම බඳුන් 3 කට දමා ගසන්න.ගසාගත් බිත්තර වලට කහ,රතු,කොළ
යන පාට වර්ග තුන දමා හොඳින් මිශ්‍ර කරන්න.අඩිය නොඇලෙන සාස්පානක් ගෙන තෙල්
ස්වල්පයක් දමා බිත්තර මිශ්‍රණය වෙන වෙනම දමා කෑලි සිටින ආකාරයට ස්ක්රම්බල්
කරන්න.එය තෙත ගතිය සිටින ලෙස පාන් පෙති වල තවරන්න.ගම්මිරිස් කුඩු
ඉසගන්න.වර්ණ තුන වෙන වෙනම තවරා ගන්න.